ගුවන් තොටුපල අගෝස්තු 01 වෙනිදාට පෙර විවෘත කිරීම කෙරෙහි අවධානය

කටුනායක ගුවන්තොටුපල අගෝස්තු 01 වෙනිදාට පෙර විවෘත කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බවත්, ගුවන්තොටුපල සංචාරකයන්ට විවෘත කිරීමට පෙර මෙරටට පැමිණිමට අපේක්ෂාවෙන් සිටින සියළුදෙනා නැවත ගෙන්වා ගන්නා බවත් අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි. එය තීරණය වන්නේ මෙරට නිරෝධායන මධ්‍යස්ථාන තුල පවතින ඉඩකඩ අනුව බවද අමාත්‍යවරයා සදහන් කළා.

සංචාරකයන් සඳහා ගුවන්තොටුපල විවෘත කිරීමෙන් පසු මෙරටට කණ්ඩායම් ලෙස සංචාරකයින් ගෙන්වීමට අවධානය යොමුකර ඇති බවත් පැමිණෙන සියළු සංචාරකයන් අනිවාර්යෙන්ම පී.සී.ආර් පරීක්ෂාවකට ලක්විය යුතු බවත් ඔහු ප්‍රකාශ කළා. සංචාරකයන් රටට ඇතුලූ‍ වීමට පෙර ඒ ඒ රට වලින් පී.සී.ආර් පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් රැගෙන ආ යුතු අතර එහි ප‍්‍රතිඵල මත ඔවුන්ට රට තුළ සංචාරයට අවසර හිමිවනු ඇති.

කෙසේවෙතත් ඔවුන් පිළිබඳ සංචාරක සංවර්ධන අධිකාරිය වෙනම අධීක්ෂණයක් සිදුකරන බවයි අමාත්‍යවරයා පැවසුවේ. එලෙස සංචාරය කිරීමේදි ද සීමා පැනවීමට සිදුවනු ඇති බව අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *