වාතයේ ගුණාත්මකභාවය සම්බන්ධව පරිසර අමාත්‍යාංශයෙන් නිවේදනයක්…

ඉන්දියාව දෙසින් හමා එන සුළඟේ දිශාව වෙනස් වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ වාතයේ ගුණාත්මක භාවය ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) පරිසර අංශයේ අධ්‍යක්ෂ සරත් ප්‍රේමසිරි මහතා පවසයි.

ප්‍රේමසිරි කියා සිටියේ ඊයේ දිනයේදී වාතයේ ගුණාත්මකභාවය 150-200 මට්ටම් අතර වාර්තා වූ නමුත් අද වන විට එය විශාල ලෙස වැඩිදියුණු වී ඇති බවයි.

අද වන විට වාතයේ ගුණාත්මක භාවයේ වර්ධනයක් දක්නට ලැබුණද එළිමහනේ යාමේදී මුහුණු ආවරණ පළඳින ලෙස ප්‍රේමසිරි ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

අද වන විට ශ්‍රී ලංකාවේ වාතයේ ගුණාත්මක භාවය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව පරිසර අමාත්‍යාංශය ද තහවුරු කළේය.

කෙසේ වෙතත්, වාතයේ ගුණාත්මක භාවයෙන් සැලකිය යුතු ලෙස දූවිලි පවතින බව පෙන්නුම් කරන බව අනතුරු අඟවන අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

යහපත් වාතයේ ගුණාත්මකභාවය 0-50 අතර මට්ටම් පෙන්නුම් කරන බව පැවසූ වෛද්‍ය ජාසිංහ, එම මට්ටම් වාර්තා වන තුරු අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂණ පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ශ්වසන රෝග ඇති පුද්ගලයින්, ගර්භනී කාන්තාවන් සහ අනෙකුත් අයටද අවදියෙන් සිටින ලෙස ඔහු විශේෂයෙන් උපදෙස් දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *