වව්නියාව රිය අනතුරකින් තිදෙනෙකු ජීවිතක්ෂයට, 17 දෙනෙකුට තුවාල…

යාපනයේ සිට වවුනියාව බලා A9 මාර්ගයේ ධාවනය වූ බස් රථයක් වවුනියාව නොච්චිමොට්ටේ පාලම අසලදී අද අලුයම මාර්ගයෙන් ඉවතට පැන පෙරලීමෙන් එහි ගමන් ගත් තිදෙනෙකු මියගොස් තවත් 17 දෙනෙකු තුවාල ලබා තිබේ.

අනතුරින් බස් රථයේ රියදුරු ඇතුළු මගීන් 20 දෙනෙකු තුවාල ලබා වවුනියාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු රියදුරු සහ තවත් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කළේය.

මියගිය දෙදෙනකු වයස අවුරුදු 32 සහ 23 යන වයස්වල පසුවන වැල්වැටිතුරේ සහ නාවලපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර මියගිය අනෙක් අය කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

අනතුරින් තුවාල ලැබූ පිරිමින් 8 දෙනෙකු සහ කාන්තාවන් 9 දෙනෙකු මේ වනවිට වවුනියාව රෝහලේ ප්‍රතිකාර ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *