වංචා නඩුවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ඩිලන්ත මාලගමුව එම නඩුවෙන් නිදහස් කරයි.

2008 වසරේ ජපන් ජාතිකයෙකුගෙන් අමෙරිකානු ඩොලර් ලක්ෂ 6ක මුදලක් වංචා කළ බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලාංකික ජනප්‍රිය ධාවන ධාවක ඩිලන්ත මාලගමුව ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනුකර තිබූ අධිචෝදනා පත්‍රයට අදාළව ඔවුන් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.

පසුගිය වසර හතක කාලය තුළ ජපාන ජාතිකයෙකු අධිකරණයට නොපැමිණීම සැලකිල්ලට ගනිමින් මෙම නඩුවෙන් විත්තිකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට මහාධිකරණ විනිසුරු නාමල් බලල්ල මහතා නියෝග කළේය.

සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක් ඉදිකර දෙන බවට ජපන් ජාතිකයෙකුට ඩොලර් ලක්ෂ 6ක මුදලක් වංචා කළ බවට රේසිං රියැදුරු ඩිලන්ත මාලගමුව, ඥානදීපන් සිවජෝති සහ විජිත බණ්ඩාර රණරාජා යන අයට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයට අධිචෝදනා 4ක් ගොනු කර තිබුණි.
2008 පෙබරවාරි 01 වැනිදා සිට 2008 මාර්තු 3 වැනිදා දක්වා කාලය තුළ විත්තිකරුවන් තිදෙනකු මෙම වරද සිදු කර ඇති බවත් ආයෝජනය කළ මුදලින් ඩොලර් 840,000ක මුදලක් ආපසු දෙන බවට පොරොන්දු වී යොෂුකි හයාෂිට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 6ක් ලබාදී රවටා ඇති බවත් නීතිපතිවරයා චෝදනා කළේය.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතීඥ ජීවන්ත ජයතිලක මහතා ප්‍රධාන සාක්‍ෂිකාරිය යොෂුකි හයාෂි පසුගිය වසර හතක කාලය තුළ පැමිණිල්ලේ සාක්‍ෂිකරුවකු ලෙස සාක්‍ෂි දීමට අධිකරණයට නොපැමිණි බැවින් විත්තිකරු නිදහස් කරන ලෙස ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *