ලොව බලවතාගෙන් ලංකාවට ඩොලර් මිලියන 6ක හදිසි වෛද්‍ය ආධාර

කොවිඩ් -19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා හදිසි වෛද්‍ය සැපයුම් තොගයක් ශ්‍රී ලංකාවට ලබාදීමට අමෙරිකාව පියවර ගෙන තිබේ.

විශේෂ ගුවන් යානයක් මගින් එවා ඇති එම වෛද්‍ය ආධාරවල වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 6කි.

නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ ශ්‍රී ලංකාව, මාලදිවයින සහ පාකිස්තානය යන රටවල් සඳහා මෙම හදිසි වෛද්‍ය සැපයුම් තොගය ලබාදීමට පියවර ගෙන ඇති බවය.

ඒ අනුව මෙරට සෞඛ්‍ය අංශ සඳහා අවශ්‍ය පුද්ගලික ආරක්ෂක ඇදුම් කට්ටල 880,000ක් අමෙරිකාව විසින් ලබාදී තිබේ.

ඊට අමතරව හෘද ස්පන්දනය මැනීම සඳහා වන Oximeters 1,200 ක් ද ලබාදී ඇත.

මීට අමතරව ඉදිරි සති කිහිපය තුළ දකුණු ආසියානු රටවලට තවත් සෞඛ්‍ය ආධාර තොගයක් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ අමෙරිකානු ඒජන්සිය හරහා ලබාදීමට නියමිත බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *