ලෙබනනයේ බීරූට් අගනුවර දැවැන්ත පිපිරීමෙන් 78ක් ජීවිතක්ෂයට, 4,000කට තුවාල (PHOTOS)

ලෙබනනයේ, බීරූට් අගනුවර වරාය පරිශ්‍රයේදී ඊයේ (04) සිදුවූ දැවැන්ත පිපිරීමකින් පුද්ගලයන් 78 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 4,000කට ආසන්න සංඛ්‍යාවක තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බෝම්බ පිපිරීමත් සමග මුළු නගරය දුම් වළාවකින් වැසී ගිය අතර, ගොඩනැගිලි ගණනාවක් සෙලවීමට ලක්ව කිලෝමීටර් ගණනාවක් දුරින් පිහිටි ගොඩනැගිලිවල පවා වීදුරු බිදී ගොස් ඇතැයි තොරතුරු වාර්තා වේ. මෙම පිපිරිමෙන් පසු හදිසි කැබිනට් රැස්වීමක් කැඳවමින් එරට ජනාධිපති Michel Aoun සඳහන් කර ඇත්තේ දින 14ක් කාලයක් සඳහා රටේ හදිසි නීතිය බලපැවැත්වෙන බවටයි.

මේ වනවිට සිදුකර ඇති මුලික විමර්ෂණ වලදි හෙළිව ඇත්තේ වසර 06ක් පුරා රාජසන්තක කොට ගබඩා කර තිබු ඇමෝනියම් නයිට්‍රේට් ටොන් 2,700ක් අසුරා තිබු ගබඩාවක මෙම පිපිරීම සිදුව ඇති බවටයි. පිපිරීම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ මෙම ප්‍රහාරය කිසියම් ආකාරයක සාමාන්‍ය පිපිරීමක් නොවන බවට අනුමාන කළ හැකි බවත්, එය යම් ප්‍රහාරයක ස්වරූපයක් හැඟවෙන බවටත් එරට හමුදා නිලධාරීන්ගේ අදහස වූ බවයි.

Lebanon: Dozens killed in massive Beirut explosion - GOTTA.newsMassive explosions reported in Beirut, LebanonHuge explosions in Lebanon's capital leave dozens dead, injured ...Smoke rises in the aftermath of a massive explosion in Beirut, Lebanon, Tuesday, Aug. 4, 2020. (AP Photo/Hassan Ammar)An injured man walks at the explosion scene that hit the seaport, in Beirut Lebanon, Tuesday, Aug. 4, 2020. (AP Photo/Hussein Malla)Rescue workers help an injured man at the explosion scene that hit the seaport of Beirut, Lebanon, Tuesday, Aug. 4, 2020. (AP Photo/Hussein Malla)Civilians carry a person at the explosion scene that hit the seaport, in Beirut Lebanon, Tuesday, Aug. 4, 2020. (AP Photo/Hussein Malla)Civilians help an injured man at the explosion scene that hit the seaport of Beirut, Lebanon, Tuesday, Aug. 4, 2020. (AP Photo/Hussein Malla)People evacuate wounded after of a massive explosion in Beirut, Lebanon, Tuesday, Aug. 4, 2020. (AP Photo/Hassan Ammar)A man evacuates an injured person after a massive explosion in Beirut, Lebanon, Tuesday, Aug. 4, 2020. (AP Photo/Hassan Ammar)A wounded woman is evacuated after a massive explosion in Beirut, Lebanon, Tuesday, Aug. 4, 2020. (AP Photo/Hassan Ammar)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *