“කෙසෙල්වත්තේ රයිනා” පොලීසියට කොටුවෙයි

කෙසෙල්වත්තේ දිනුක නම් ප්‍රධාන පාතාල කල්ලි සාමාජිකයාගේ සහයකයෙකු වන “කෙසෙල්වත්තේ රයිනා” අත්අඩංගුවට ගෙන තිබේ. කැළණිය ප්‍රදේශයේදී මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සතුව තිබූ හෙරොයින් ග්‍රෑම් 5ක්, සිම්පත් 19ක්, ජංගම දුරකථන 03ක් හා යතුරු පැදියක්ද පොලිසිය භාරයට ගත් බව පොලීසිය පවසයි.

මෙම සැකකරු 27 හැවිරිදි අයෙකු වන අතර අක්බාර් පටුමග, කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු අද (05) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *