ලාල් කාන්ත සමාජවාදය අත්හැරීම සතුටක් – පාඨලී චම්පික

ලාල් කාන්ත මහත්තයා සමාජවාදය අතහැරීම ගැන සතුටු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රණවක මහතා මේ බව කීය.

මාලිමාවේ දැන් සමාජවාදය නැතැයි ලාල්කාන්ත කියා තිබූ බවත් ඒ ගැන දරන අදහස කුමක්දැයි මාධ්‍යවේදියා රණවක මහතාගේ විමසීය.

ඊට පිළිතුරු දුන් චම්පික රණවක මහතා:-

“එහෙම අදහසක් එන විදියට  කියලා තියෙනවා මාත් දැක්කා. මටත් ඒ ගැන කවුරු හෝ එවලා මමත් ඒක බැලුවා.ලාල්කාන්ත, ලාල්කාන්ත සහෝදරයා, කොම්රේඩ් ලාල්කාන්ත, ලාල්කාන්ත මහත්තයා වීම ගැන අපිට හරි සතුටුයි. අපිත් ඕක තමයි නිරන්තරයෙන්ම කිව්වේ. ජනතා විමුක්ති පෙරමුණට ඔය පැරණි මාක්ස්වාදී හැව අතහරින්න කියලා.

සමහරු මං දැක්කා ඒ අයගේ පෙළපාලිවල කාල්මාක්ස්, එංගල්ස්, ලෙනින් නැති එක ගැන ප්‍රශ්න කරලා තිබුණා. අපි දකින්නේ ඒක ප්‍රගතියක් පැත්තට ගත්ත පියවරක් හැටියටයි.

කාල්මාර්ක්ස් එංගල්ස්ලා දර්ශනයක් හැටියට හැදෑරුවට කමක් නැහැ. නමුත් ඒවා ප්‍රායෝගිකව මහපොළොවේ ක්‍රියාත්මක කරන්න පුළුවන් දේවල් නෙමෙයි යනුවෙන්ද  චම්පික රණවක මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *