රුසියාවේ ‘Red Wings’ මත්තල ගුවන් තොටුපළ වෙත වරලත් ගුවන් ගමන් අරඹයි

රුසියානු ජාතික ගුවන් සේවය වන ‘රෙඩ් වින්ග්ස්’ ශ්‍රී ලංකාවේ වරලත් ගුවන් ගමන් මෙහෙයුම් ආරම්භ කරන බව රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරයි.

හම්බන්තොට මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ‘රෙඩ් වින්ග්ස්’ වරලත් ගුවන් ගමන් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

2022 දෙසැම්බර් 28 වැනි බදාදා සිට ක්‍රියාත්මක වන පරිදි ගුවන් සමාගම සතියකට දෙවරක් ගුවන් ගමන් ක්‍රියාත්මක කරනු ඇත.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අනුව එය ශ්‍රී ලංකාවට සෘජු ගුවන් ගමන් සපයන තුන්වන රුසියානු ගුවන් සේවය වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *