රුසියාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය ඇන්ඩ්‍රි රුඩෙන්කෝ ඊයේ නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේය.
මෙම සංචාරයේදී රුසියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සහ අංශ කිහිපයක් ඔස්සේ සහයෝගීතාව වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ඇතැයි අපේක්ෂා කරන බව නිලධාරීහු පැවසූහ.


