රියදුරු බලපත්‍ර කාඩ්පත් නිකුත් කිරීම සඳුදා සිට ආරම්භ කරයි.

තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කළ පුද්ගලයින්ට 2022 නොවැම්බර් 14 සඳුදා සිට නිල බලපත්‍ර කාඩ්පත් නිකුත් කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා පැවසුවේ නිල රියදුරු බලපත්‍ර කාඩ්පත් තැපෑලෙන් නිකුත් කරන බවයි.

තාවකාලික බලපත්‍ර නිකුත් කර ඇති පුද්ගලයින් ලක්ෂ 6ක් පමණ සිටින බව ප්‍රකාශ කළ ඔහු සති කිහිපයකින් බලපත්‍ර කාඩ්පත් බෙදාහැරීමේ කටයුතු අවසන් කරන බව පැවසීය.

රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා දැනටමත් කාඩ්පත් ලක්ෂ 5ක් ආනයනය කර ඇති බවත්, තවත් කාඩ්පත් ලක්ෂ පහක් ළඟදීම දිවයිනට පැමිණෙනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

නිල බලපත්‍ර මුද්‍රණය කිරීමට කාඩ්පත් නොමැතිවීම හේතුවෙන් පසුගිය වසර දෙක තුළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තාවකාලික බලපත්‍ර නිකුත් කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *