රැඳවියන්ගේ කෘෂිකාර්මික භාවිතය ඉහළ නැංවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව සමඟ කටයුතු කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සැරසෙයි.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සහ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ශ්‍රී ලංකාවේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව සමඟ එක්ව නවීන කෘෂිකාර්මික පිළිවෙත් පිළිබඳ රැඳවියන්ගේ කුසලතා වැඩි දියුණු කිරීමට කටයුතු කරයි.

ඒ අනුව මහර බන්ධනාගාරය සහ පල්ලන්සේන තරුණ විශෝධන මධ්‍යස්ථානය යටතේ ඇති කෘෂිකාර්මික ඉඩම් තෝරාගෙන තිරසාර ගොවිතැන් ව්‍යුහයන් පිහිටුවීම සඳහා යොදා ගැනේ.

FAO සහ UNODC මෙම බන්ධනාගාර තුළ සිටින රැඳවියන් සහ කෘෂිකර්මාන්තයේ නියුතු නිලධාරීන් සඳහා තිරසාර කෘෂිකාර්මික පිළිවෙත් පිළිබඳ පුහුණුව සමඟ හරිතාගාර, සූර්ය ජල පොම්ප සහ විදින පද්ධති ඇතුළු වාරිමාර්ග පද්ධති සහ බිම්මල් වගා ඒකක වැනි තාක්ෂණික උපකරණ සපයයි.

ව්‍යාපෘතියේ කොටසක් ලෙස ගොඩනැගුණු කුසලතා හඳුනාගැනීම සඳහා නිලධාරීන්ට සහ රැඳවියන්ට සහතිකපත් ප්‍රදානය කෙරෙන අතර, සමාජයට නැවත එක්වීමේ අවස්ථාවෙහිදී කෘෂිකාර්මික අංශයේ ජීවනෝපාය සඳහා රැඳවියන්ගේ ප්‍රවේශය සඳහා සහාය වේ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුසර උපුල්දෙණිය මහතා මෙම මුලපිරීමේ අමතර වටිනාකම විස්තර කරමින් කියා සිටියේ “රැඳවියන්ට සාර්ථක ලෙස නැවත සමාජයට ඒකාබද්ධ වීම සහතික කිරීම සඳහා අර්ථවත් ලෙස ඔවුන්ගේ කුසලතා වර්ධනය කර ගැනීමට අවස්ථාව සලසා දිය යුතුය. නිවැරදි කිරීමේ මධ්‍යස්ථානවල නවීන ගොවිතැන් ව්‍යුහයන් රැඳවියන්ගේ ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීමට ද උපකාරී වේ. FAO සහ UNODC ලබාදුන් සහයෝගයට අපි ස්තුතිවන්ත වෙනවා.”

ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන FAO නියෝජිත Vimlendra Sharan මහතා ප්‍රකාශ කළේ “FAO ලෙස අපි කෘෂිකර්ම ක්ෂේත්‍රයේ කුසලතා වර්ධනය කිරීම සහ ජීවනෝපායන් ප්‍රවර්ධනය කිරීම මගින් නාගරික කෘෂිකර්මාන්තය දිරිගැන්වීමට කැපවී සිටිමු. මෙම ව්‍යාපෘතිය හරහා හුවමාරු වන තාක්‍ෂණික දැනුම සහ නිපුණතා සමාජයට නැවත එක්වීමේ අවස්ථාවෙහිදී කෘෂිකාර්මික අංශයේ පුළුල් රැකියා අවස්ථා ලබා දීමෙන් සහභාගිවන්නන්ට සහාය වනු ඇත.

UNODC හි කැපවීම පිළිබඳව අදහස් දක්වමින් UNODC කාර්යාලයේ ප්‍රධානී Siri Bjune මහත්මිය ප්‍රකාශ කළේ “UNODC හි ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහන, ඵලදායී පුනරුත්ථාපනය ප්‍රවර්ධනය කරන ආරක්ෂිත, තිරසාර සහ මානව හිමිකම්වලට අනුකූල රැඳවුම් පහසුකම් කළමනාකරණය කිරීමේදී ශ්‍රී ලංකා බන්ධනාගාරවල හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා තවදුරටත් සහාය වීමට කැපවී සිටින බවයි. UNODC මෙම ව්‍යාපෘතිය සිරකරුවන්ගේ මානසික සහ ශාරීරික යහපැවැත්ම වැඩිදියුණු කිරීමට දායක වන අතර සිරකරුවන් සහ බන්ධනාගාර පහසුකම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රමිතීන් සපුරාලීමට ශ්‍රී ලංකාව තවදුරටත් දිරිමත් කරනු දැකීමට කැමැත්තක් දක්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *