හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද දිනයේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන ජුනි මස 10 වනදා තෙක් යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය විසින් නියෝග කරනු ලැබුවා.
ඉකුත් වසරේ ජනාධිපතිවරණ සමයේ දී පදනම් විරහිත කරුණු ඉදිරිපත් කරමින් පැවැත්වූ ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය හමුව පැවැත්වීමේ සිද්ධියට අදාලව රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා පසුගිය 13 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනුණි.