Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

රනිල් කී බොරුව ඩලස් නිවැරදි කරයි – Z – Score ගැන ගෝඨාගේ ප්‍රතිපත්තිවල සැබෑ තොරතුරු හෙළිවෙයි

රනිල් කී බොරුව ඩලස් නිවැරදි කරයි – Z – Score ගැන ගෝඨාගේ ප්‍රතිපත්තිවල සැබෑ තොරතුරු හෙළිවෙයි

විශ්වවිද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීමේ අනුගමනය කරන z-score  ක්‍රමය ඉවත් කිරීමේ කිසිදු සැලැස්මක් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. z-score අගය මත සිසුන් බඳවා ගැනීම ඉවත් කිරීමට කටයුතු කරනු ඇති බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කර ඇති ව්‍යාජ ප්‍රකාශය සිසුන් අතර විශාල ආතතියක් ඇති කර ඇති බව ද ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේය. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියවමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, z-score අගය සඳහා දිස්ත්‍රික්ක පදනම යොදා ගැනුනද එක් දිස්ත්‍රික්කය ඇති ජනප්‍රියතාවය මත දුෂ්කර පාසල්වල සිසුන්ට සිදුවන අසාධාරණය හේතුවෙන් පාසල් පදනම් වු නව විද්‍යාත්මක ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව දක්වා ඇතැයි සඳහන් වන බවයි.

z-score එක නැති කරනවා යන අදහසක් මෙහි නොමැති බව පැවසු අලහප්පෙරුම මහතා උසස් පෙළ පාසල් ඇත්තේ 2763 ක් බවත් ගෝඨාභය මහතා මේ තුළින් එම පාසල් සියල්ල වර්ගීකරණයට ලක් කළ යුතු බව අවධාරණය කරනු ඇති බවද කියා සිටියේය. දැන් පවතින්නේ දිස්ත්‍රික්ක 25 ක වර්ගීකරණය වෙනුවට පාසල් 2763 විද්‍යාත්මකව වර්ගීකරණය කරමු යනුවෙන් ඔහු ප්‍රතිපත්තියේ දක්වා ඇති අතර ගමේ පාසල්වල ගුරුවරු නොමැති වීම ගැටළුවක් බවත් ඒ නිසා සියලු දරුවන් අද නගරයට එන බවත් පැවසීය.

නමුත් රනිල් වික්‍රමසිංහ පසුගියදා කොළඹ මහජන පුස්තකාලයේ පැවැති කතිකාවකට එක්වෙමින් කියා තිබුණේ විශ්ව විද්‍යාලවල ප්‍රවේශය සඳහා දිස්ත්‍රික් ඉසෙඩ් ස්කොර් ක්‍රමය වෙනුවට පාසැල් මට්ටමෙන් ඉසෙඩ් ස්කෝර් ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව ගෝඨාභය රාජපක්‍ෂ මහතා සඳහන් කර ඇති බවත් ඒ හරහා ගම්බද දුෂ්කර පාසල් සදා කල්හිම සංවර්ධනයකට පාත්‍ර නොවීම සහ දක්‍ෂ තරුණ තරුණියන්ට විශ්ව විද්‍යාලවලට ඇතුළත් වීමට තිබූ අවස්ථාව අහිමි වෙන බවත්ය.

 

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *