Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි
ප්‍රවෘත්ති

යුද්ධ හමුදාවෙන් කොවිඩ් 19 ආසාදිතයින් සඳහා කඩිනමින් සීදූව රෝහල ඉදිවෙයි

යුද්ධ හමුදාවෙන් කොවිඩ් 19 ආසාදිතයින් සඳහා කඩිනමින් සීදූව රෝහල ඉදිවෙයි
Empty Hospital Beds in a Warehouse

කොවිඩ් – 19 ආසාදිතයින්ගේ ප්‍රයෝජනය සඳහා යුද්ධ හමුදාව විසින් ඉදිකරනු ලබන සියලුම සෞඛ්‍ය පහසුකම් වලින් සමන්විත ශ්‍රී ලංකාවේ වැඩිම ධාරිතාවයකින් යුක්ත නවීනතම රෝහලේ ඉදිකිරීම් කටයුතු මේ වනවිට අවසන් වෙමින් පවති.

මෙම රෝහල සීදූව ප්‍රදේශයේ පිහිටා ඇති අතර ශ්‍රී ලාංකික ජනතාවට මෙම රෝහල ගාස්තු අයකිරීමකින් තොරව පහසුකම් සපයන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය. නවීනතම සෞඛ්‍ය පහසුකම් වලින් සමන්විත මෙම රෝහල වෙනත් සායන කටයුතු වෙනුවෙන් ද නවීනතම උපාංග භාවිතා කරනු ලබයි.

මෙරට තුළ පැතිරෙමින් පවතින කොරෝනා වෛරසයේ තෙවන රැල්ල මැඩපැවැත්වීම සඳහා මූලිකවම රෝගීන් 1200 කට නවාතැන් පහසුකම් සැපයීමට හැකිවන පරිදි යුද්ධ හමුදාව විසින් මෙම රෝහල කඩිනමින් ඉදිකරනු ලබයි. මෙම රෝහල හදිසි ප්‍රතිකාර පහසුකම්, හුදකලා කිරීමේ අංශයන්, දැඩිසත්කාර ඒකකයක්, ඖෂධ ශාලා, රෝගී පුනර්ජීවන අංශ සහ තවත් පහසුකම් රාශියකින් සමන්විත ශ්‍රී ලංකාවේ ප්‍රථම රෝහල වෙන අතර එය සතියක වැනි කෙටි කාලයක් තුළදී ඉදිකිරීම ද විශේෂත්වයකි.
කොවිඩ් – 19 වෛරසය තවදුරටත් පැතිරුනහොත් යුද්ධ හමුදා කඳවුරු වල තිබෙන ඇඳන් සියල්ලම ආසාදිතයින්ගේ භාවිතය සඳහා ලබාදෙන බවත් කිසිම රෝගියෙකුට බිම නිදාගැනීමට ඉඩ නොතබන බවත් යුද්ධ හමුදාව ඒ වෙනුවෙන් ගස් යට හෝ සිටිමින් ආරක්‍ෂක කටයුතු වල නියැලී ශ්‍රී ලාංකික ජනතාවට උපරිම පහසුකම් සපයන බවත් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පෙන්වා දුන්නේය. තවදුරටත් අදහස් දක්වමින් එතුමන් පැවසුවේ දැනට සීදූවේ පිහිටුවනු ලබන මෙම රෝහල සඳහා යුද්ධ හමුදාව මගින් නිෂ්පාදනය කරනු ලැබූ ඇඳන් 1200 ක් සපයා ඇති අතර දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ස්ථාපනය වන රෝහල් අවශ්‍යතාවයන් සඳහා මූලික වශයෙන් 5000 ක් දක්වා වැඩි කරනු ලබන අතර ඉදිරි සති කිහිපය තුළ දිවයින පුරා ස්ථාපිත කරනු ලබන අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා ඇඳන් 10000 ක් දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බවයි.
මෙරට කොවිඩ් – 19 රෝගීන් වෙනුවෙන් වැඩිදියුණු කරන ලද මෙම රෝහලේ ඉදිකිරීම් කටයුතු නිමකිරීම සබැඳිව අදහස් දක්වමින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසූවේ යුද්ධ හමුදාව විසින් රෝහල් ධාරිතාව, අතරමැදි සත්කාර මධ්‍යස්ථාන සඳහා දැනටමත් ඇඳන් වැඩි ප්‍රමාණයක් ලබාදී ඇති බවත් දැඩිසත්කාර ඒකකයන් සඳහා ද ඇඳන් ලබාදී ඇති බවයි. දිවයින පුරා පිහිටි රජයේ රෝහල්වල ඇඳන් 86,000 ක් අතුරින්, ඇඳන් 5000 ක් පමණ කොවිඩ් – 19 හදිසි අවස්ථාවන් සඳහා භාවිතා කළ අතර එම ධාරිතාවය මේ වනවිට ප්‍රමාණවත් නොවන බැවින් යුද්ධ හමුදාව විසින් මූලික අවධියේදී ඇඳන් 3000 – 3500 ක් පමණ ලබා දී ඇත. නමුත් නව රෝහල් පිහිටුවීමෙන් සාමාන්‍ය රෝහල් තුළ ඇති තදබදය අවම කරගැනීමටත්, ආසාදිතයින් සඳහා රෝහල් තුළ ඇති ඇඳන් ප්‍රමාණය හිඟයකින් තොරව ලබාදීමටත් යුද්ධ හමුදාව සහතික වන බව හමුදාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *