යාපනයේ නගරාධිපති පොලිස් අත්අඩංගුවට

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ . එල්.ටී.ටී.ඊ පොලිස් නිලධාරීන් යැයි පැවසෙන පුද්ගලයින් භාවිත කළ ඇඳුමට සමාන ඇඳුමකින් සැරසුණු පුද්ගලයින් 05 දෙනෙකු යාපනය නගරය ආසන්න ප්‍රදේශයක රාජකාරී කටයුතු සඳහා යොදාගැනීම තුළින් එම සංවිධානය ප්‍රවර්ධනයට අනුබලදීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බවයි.

එම පුද්ගලයින් නගරසභාව විසින් රාජකාරීයේ යොදවා ඇති බව ,වැඩිදුර විමර්ශන සිදුකිරීමේ දී අනාවරණය වී තිබේ.

අදාළ පුද්ගලයින් තාවකාලිකව නගරසභාවට බඳවා ගෙන නිල ඇඳුමක් නිර්මාණය කර සේවයේ යොදවා ඇත්තේ නගරාධිපතිවරයා විසින් බව යාපනය මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරයා ඇතුළු සාක්ෂිකරුවන් රැසකගේ ප්‍රකාශ සටහන් කර ගැනීමේදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් නගරාධිපතිවරයා ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය වෙත භාර දීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *