හොරණ යුධ හමුදා නිලධාරියෙකුට කොරෝනා – සමීපතයින් හා වෙළදසැල් සේවක පිරිසක් නිරෝධායනයට

යුද හමුදා නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග හොරණ – කඳන ප්‍රදේශයේ පදිංචි ඔහුගේ පවුලේ සාමාජිකයින් හා ඔහු සමීපව ඇසුරු කළ පවුල් 3ක පුද්ගලයින් නිරෝධායනය සඳහා යොමුකර ඇති බව මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි එරන්දි කුලරත්න මහත්මිය පවසයි.

එමෙන්ම අදාළ යුද හමුදා නිලධාරියා පැමිණි බවට හඳුනා ගෙන ඇති හොරණ නගරය ආශ්‍රිත වෙළඳසැල් 4ක් වසාදමා එම වෙළදසැල් වල සේවය කළ සේවකයින් 26 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනය ලක් කර තිබේ.

හොරණ සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය ශානක මල්ලිකාරච්චි මහත්මිය ප්‍රකාශ කර සිටියේ අදාළ යුද හමුදා නිලධාරියා එම වෙළදසැල් වෙත යාමේදී පුර්ණ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියා මාර්ග අනුගමනය කර ඇති බවයි.

කටුනායක ගුවන්තොටුපලේ රාජකාරි කටයුතු සිදුකර නිවාඩු ලබා නිවසට පැමිණ ඇති අදාළ යුද හමුදා නිලධාරියා නැවතත් රාජකාරියට වාර්තා කිරීමේදීයි Covid -19 ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *