මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 760 දක්වා ඉහළ යයි

අද දිනය තුළ රෝගීන් 09 දෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිත රෝගීන් සංඛ්‍යාව මේ වන විට 760 ක් දක්වා ඉහළ ගොස් තිබේ. එම ආසාධිතයින් අතරින් 04 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන අතර සෙසු රෝගීන් කොළොන්නාව, රාජගිරිය, කොළඹ 15 හා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථාන වලින් හඳුනාගත් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවසුවේ.

මේ අතර තවත් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙක් සුවය ලබා ඇති අතර, ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 213 ක් දක්වා ඉහළ ගොස් ඇති බවටත් සෞඛ්‍ය අමාත්‍යාංශය දන්වා සිටී.

මීට අමතරව රෝගීන් 554 ක් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, තවත් පුද්ගලයින් 145 දෙනෙකු වෛරසය ආසාදනය වී ඇති බවට පවතින සැකය හේතුවෙන් රෝහල් ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවෙන බවටත් වාර්තා වේ.

මේ වනවිට කොරෝනා ආසාධනය වීම හේතුවෙන් මෙරට සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 09 ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *