මෙරටට ඇතුළුවන්නන් කටුනායක ගුවන්තොටුපලේදීම PCR පරීක්ෂාවට

අද (01) සිට කටුනායක ගුවන් තොටුපලෙන් මෙරටට ඇතුළු වන පිරිස එම ස්ථානයේ දීම PCR පරීක්ෂාවට ලක් කරන බවත්, එලෙස පැමිණෙන පිරිස් හෝටලයක හෝ වෙනත් රැඳවුම් ස්ථානයක නතර කර අදාළ කටයුතු සිදු කරිමට කටයුතු යොදන බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

කුවේට් සිට මෙරටට පැමිණි බොහෝ දෙනෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බව අනාවරණය වී ඇති බැවින්, ඔවුන් ලාංකිකයින් ලෙස තම රටට ගෙන එන වැඩ පිළිවෙල මේ වන විට ජනාධිපතිවරයා හා අගමැතිවරයා එක්ව සුදානම් කර ඇතැයි ද කියා සිටි.

මේ වන විට රටවල් 21 කින් විදෙස් ගත ශ්‍රි ලාංකිකයින් 10,000 කට ආසන්න ප්‍රමාණයක් ලංකාවට ගෙන්වා ඇතැයි ද ඉදිරියේ දී තවත් 18,000 ක පමණ ප්‍රමාණයක් ගෙන්වා ගැනීමට ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *