මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ආයතන තුනක පුරප්පාඩු 1500කට වඩා අධික බව වාර්තා වෙයි.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ඇති ආයතන තුනක පුරප්පාඩු 1500 ඉක්මවා ඇත.

වාර්තා වලට අනුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 773 ක්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 434 ක් සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ 331 ක් ඇත.

බොහෝ දෙනෙකුට 2022 දෙසැම්බර් 31 වන විට විශ්‍රාම යාමට සිදුවී ඇති අතර, අවුරුදු 65-60 අතර රජයේ සේවකයන්ගේ විශ්‍රාම යන වයස සංශෝධනය කිරීමෙන් පසුව මෙම පුරප්පාඩු ඇති වී තිබේ.

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් නව පත්වීම් ලබා නොදෙන බවත් ඒ වෙනුවට මුදල් අමාත්‍යාංශයේ දැනට සේවයේ නියුතු සුදුසු උපාධිධාරීන් යොදවා එම පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

දැනට පවතින දෙපාර්තමේන්තු රැකියා නීතිරීති කඩ නොකර මෙම පත්වීම් සිදු කරන බවත්, අපේක්ෂකයින් අමාත්‍ය මණ්ඩල හා ජාතික සේවා කොමිෂන් සභාවේ අනුමැතිය මත පවත්වනු ලබන තරඟ විභාගයට පෙනී සිටිය යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *