මියුරේට් ඔෆ් පොටෑෂ් පොහොර නැවක් ඊයේ රාත්‍රියේ කොළඹ වරායට සේන්දු වෙයි.

වී වගාව සඳහා අත්‍යවශ්‍ය පොහොර ප්‍රභවයක් වන මියුරේට් ඔෆ් පොටෑෂ් (එම්ඕපී) පොහොර මෙට්‍රික් ටොන් 41,876ක් රැගත් නෞකාව අද (3) රාත්‍රියේ කොළඹ වරායට සේන්දු වීමට නියමිතයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කළ විමසීමකදී කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පැවසුවේ හෙට (3) පස්වරුව වන විට එම භාණ්ඩ ගොඩබෑමට කටයුතු යොදා ඇති බවයි.

මෙම MOP පොහොර තොගය නිල වශයෙන් භාරගැනීම දෙසැම්බර් 5 වැනිදා පස්වරු 2.00ට කොළඹ වරායේදී අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *