මැතිවරණය පවත්වන දිනයට අදාළ පෙත්සම් වැඩිදුර සලකා බැලීම අද 6 වන දිනටත්

පාර්ලිමේන්තු මැතිවරණය ජුනි මස 20 වැනිදා පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදන අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් වැඩිදුර සලකා බැලීම අද (26) 6 වැනි දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණයේදී සිදු කෙරේ

ඒ අනුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්රිනයන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ අද පෙරවරු 10.00 ට පෙත්සම්වල වැඩිදුර සලකා බැලීම ආරම්භ කිරීමට නියමිතව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *