මහ මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් විභාගයට ගන්නේද ? නැද්ද ? පිළිඹද තීන්දුව අද

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හා ජුනි මස 20 වන දා මහ මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදන බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ කරුණු සලකා බැලීම ශේෂ්ඨාධිකරණය අද අවසන් කළා. ඒ අනුව එම පෙත්සම් විභාගයට අනුමැතිය දෙන්නේ ද? නැත්ද? යන නියෝගය අද පස් වරු 3:00 ට ප්‍රකාශ කිරීමට නියමිතයි.

දින 10 ක් පුරා අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සිදුකරන ලද කරුණු සලකා බැලීම් වලින් පසුවයි මෙම නියෝගය සිදු කරනු ලැබුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *