මහ මැතිවරණට අදාළ ගැසට් පත්‍රය නිකුත් වෙයි

මහ මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමට අදා‍ලව නිකුත් කිරීමට නියමිතව තිබූ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ඊයේ (10) මැතිවරණ කොමිෂන් සභාවේ මාධ්‍ය හමුවක් පවත්වමින්න් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ මහ මැතිවරණය එළඹෙන අගෝස්තු 05 වන දා පැවැත්වෙන බවයි.

ජූනි මස 20 වන දා පැවැත්වීමට නියමිතව තිබු මහ මැතිවරණය, 2020 අගෝස්තු මස 5 වන දින පැවැත්වීමට සුදුසු බවට මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් ඒකමතිකව තීරණය කළ බව මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *