මහව – යාපනය දුම්රිය සේවාව ලබන වසරේ මාස පහකට අත්හිටුවීමට තීරණය කරයි.

මහව සහ යාපනය අතර දුම්රිය ගමනාගමනය 2023 වසරේ මාස පහක කාලයකට අත්හිටුවන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ 2023 ජනවාරි 15 වනදා සිට මෙහෙයුම් අත්හිටුවන බවයි.

දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙම අත්හිටුවීම සිදු කළ බව ප්‍රවාහන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

“ඔබ විසින් කරන ලද ඉල්ලීම පිළිබඳව අපි අවධානය යොමු කරනවා. 2023 ජනවාරි සිට මාස පහක කාලයක් මහව සහ යාපනය අතර දුම්රිය ධාවනය නවතා දැමීමට අපට සිදුව තිබෙනවා. යාපනය දක්වා දුම්රිය සේවා අඛණ්ඩව ක්‍රියාත්මක වුවත් මේ වන විට කිසිදු අලුත්වැඩියා කටයුත්තක් සිදු කිරීමට නොහැකි වීම නිසා අපි තත්ත්වයකට මුහුණ දී තිබෙනවා. අමාත්‍යවරයා පැවසීය.

මාස 05කින් මෙම ගැටලුව නිවැරැදි කර ගත හැකි බවට සහතික වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉන් අනතුරුව මෙම මාර්ගයට හොඳ දුම්රිය සේවාවක් ලබාදිය හැකි බවද පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *