Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි
ප්‍රවෘත්ති

බියර් නිෂ්පාදනයට සහල් හා සීනි යොදා ගැනීමට අවසර දීම වැළැක්වීමේ පෙත්සම ඔක්තෝබර් 2දා කැඳවීමට නියෝග

බියර් නිෂ්පාදනයට සහල් හා සීනි යොදා ගැනීමට අවසර දීම වැළැක්වීමේ පෙත්සම ඔක්තෝබර් 2දා කැඳවීමට නියෝග

බියර් නිෂ්පාදනයේ ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස සහල් සහ සීනි භාවිත කිරීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු අදාළ බලධාරීන් විසින් අනුමැතිය ලබාදීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සමට අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා එය ඔක්තෝබර් 2 වන දින කැඳවන ලෙස අභියාචනාධිකරණය  නියෝග කළේය.

මෙම පෙත්සම විනිසුරු ආර්. ගුරුසිංහ සහ විනිසුරු ඒ. ප්‍රේම ශංකර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවනු ලැබීය.

ප්‍රතිවාදී පාර්ශ්ව ලෙස නම් කර ඇති මත්පැන් නිෂ්පාදන සමාගම් කිහිපයක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසයි.

ඒ අනුව, අදාළ විරෝධතා ගොනු කිරීමට ප්‍රතිවාදීන්ට අවසර ලබාදුන් අධිකරණය, පෙත්සම නැවත ඔක්තෝබර් 2 වන දින කැඳවන ලෙස නියෝග කළේය.

බලපත්‍රලාභී මත්පැන් අලෙවිකරුවන් පිරිසක් විසින් මෙම පෙත්සම ගොනු කර ඇති අතර, එහි වගඋත්තරකරුවන් ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා, අදාළ නිලධාරීන්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා ඇතුළු පාර්ශ්ව කිහිපයක් නම් කර තිබේ.

පෙත්සම්කරුවන් පවසන්නේ සුරාබදු ආඥා පනතේ 2 වන වගන්තිය අනුව “බියර්” යනු මෝල්ට් මගින් නිෂ්පාදනය කරන පැසුණු මත්පැන් වර්ගයක් ලෙස අර්ථ දක්වා ඇති බවයි.

එහෙත්, බොහෝ නිෂ්පාදකයින් මේ වන විට බියර් නිෂ්පාදනය සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස සහල් සහ සීනි භාවිත කරන බවට තොරතුරු අනාවරණය වී ඇති බව ඔවුහු සඳහන් කරති.

එවැනි ක්‍රියා සුරාබදු ආඥා පනතේ විධිවිධානවලට පටහැනි බවද පෙත්සම්කරුවන් පෙන්වා දෙයි.

එමෙන්ම, සහල් නිෂ්පාදනය සඳහා රජය මහජන මුදල් මගින් විශාල සහනාධාර ලබාදෙන අවස්ථාවක, සහල් බියර් නිෂ්පාදනය වැනි වාණිජ කර්මාන්ත සඳහා යොදා ගැනීම ජාතික ආර්ථිකයට දැඩි අහිතකර බලපෑමක් ඇති කළ හැකි බවත්, සහල්වලින් ස්වයංපෝෂිත වීමේ රටේ උත්සාහයට බාධාවක් විය හැකි බවත් ඔවුහු තර්ක කරති.

ඒ අනුව, බියර් නිෂ්පාදනය සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස සහල් සහ සීනි භාවිත කිරීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු වගඋත්තරකරුවන්ට අනුමැතිය ලබාදීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *