බැංකොක්හි පැවති බෝධි බුද්ධගයා සම්මාන උළෙලේදී තායිලන්තයේ ශ්රී ලංකා තානාපතිනි ඊ.ඒ.එස්. විජයන්ති එදිරිසිංහ මහත්මියට උපහාර පිරිනමන ලදී.
මගධ බුද්ධගයා පදනම විසින් සංවිධානය කරන ලද මෙම උත්සවයේදී බුද්ධාගම ප්රවර්ධනය කිරීම සඳහා දායකත්වය දැක්වූ පුද්ගලයින් 130 දෙනෙකු ඇගයීමට ලක් කරන ලදී.
ශ්රී ලංකාව, ඉන්දියාව, පිලිපීනය සහ නේපාලය යන රටවල තානාපතිවරු මෙම සම්මානලාභීන් අතර සිටි බව ශ්රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේය.


