බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ වැටලීමකින් මත්ද්‍රව්‍ය ළඟ තබාගත් 714ක් අත්අඩංගුවට

බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ වැටලීමකදී හෙරොයින් ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය වර්ග ළඟ තබාගත් පුද්ගලයින් 714 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම පුද්ගලයින් අතර හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයින් 218 දෙනෙකුද, ගංජා ළඟ තබාගත් පුද්ගලයින් 98 දෙනෙකුද, නීති විරෝධි මත්පැන් සහ ගෝඩා ළඟ තබාගත් පුද්ගලයින් 320 දෙනෙකුද වේ. ඊට අමතරව අයිස්, මාවා, බාබුල්, ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයින් 78 දෙනෙකුද වන බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඊයේ (30) පෙරවරු 06.00 සිට අද (31) අලුයම 5.00 දක්වා කාලය තුළ සිදුකළ වැටලීම්වලදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *