විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහි විශ්වාසභංග යෝජනාව විපක්ෂය විසින් ඊයේ කථානායක ජගත් වික්‍රමරත්න වෙත භාර දෙන ලදී.
ඊයේ පස්වරුවේ යෝජනාව භාර දුන් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා තහවුරු කළේය.
මෙම යෝජනාවට පාර්ලිමේන්තුවේ සියලුම විපක්ෂ මන්ත්‍රීවරුන් පාහේ අත්සන් තබා ඇත.


