මැදපෙරදිග ගැටුමෙන් බලපෑමට ලක් නොවූ රටවලින් සංචාරකයින් ගෙන්වා ගැනීම කෙරෙහි ශ්‍රී ලංකාව අවධානය යොමු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.
අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී ගෝලීය බලශක්ති තත්ත්වය මධ්‍යයේ සංචාරක ක්ෂේත්රය මුහුණ දෙන අභියෝග සමාලෝචනය කරන ලදී.
ඉන්ධන සැපයීම, සංචාරක පැමිණීම්, හෝටල් ප්රමිතීන් සහ බේරේ වැව පවිත්‍ර කිරීමේ වැඩසටහන ඇතුළු ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.


