“බය වෙන්න එපා මම ඉල්ලා අස්වෙන්නෙ නෑ” අගමැති පවසයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉවත් නොවන බවට පළාත් සභා කණ්ඩායම් නියෝජිතයින්ට සහතික වී තිබේ.

පවතින ජාතික අර්බුදය කෙටි කාලයක් තුළ විසඳාගත හැකි බව තමා විශ්වාස කරන බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද අරලියගහ මන්දිරයේදී පළාත් සභා කණ්ඩායම් නියෝජිතයින් සමඟ පැවති හමුවකදීය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ රජයට ඉල්ලා අස්වීමේ අවශ්‍යතාවක් නොමැති බව පවසමින් පළාත් සභා මන්ත්‍රී කණ්ඩායම් නියෝජිතයින් යෝජනාවක් භාරදී තිබුණා.

මෙම හමුවේදී පළාත් සභා කණ්ඩායම් නියෝජිතයින් සිය යෝජනාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කිරීමට ද තීරණය කර ඇත.

ඉදිරියේදී ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය විසඳීම සඳහා අග්‍රාමාත්‍යවරයා තවදුරටත් සිය ධුරයේ රැඳී සිටීම අත්‍යවශ්‍ය බව එම නියෝජිතයින් පෙන්වා දුන්නා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *