Tuesday, November 3, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
“එජාපයයි සජබයයි එකතු වුණත් දිනන්න බෑ; අද දේශපාලනය වෙනස් වෙලා!”: රනිල්මීගමුවෙන් 28ක්, හෝමාගමින් සහ කොබෙයිගනෙන් තවත් ජීවිත අහිමිවෙයි: “රැඳවියන්ගේ ජීවිත ආරක්ෂා කිරීම රජයේ අනිවාර්ය වගකීමක්!” – නාමල්ගෑස් තියාගෙන “ගෑස් නෑ” කී මහනුවර ලිට්‍රෝ වෙළෙන්දාට උසාවියෙන් දඩ: සිලින්ඩර 28ම රාජසන්තක කරයි!මාස් කන්නයට කිසිදු පොහොර හිඟයක් නෑ: යූරියා, මඩ පොහොර සහ බණ්ඩාරි තොග රට පුරා බෙදාහැරීම අරඹයිපොලිස් නිලධාරීන්ට සුන්දර ඇල්ලෙන් නවීන නිවාඩු නිකේතනයක්: ‘Ella Rock View’ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අතින් විවෘත වෙයිජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාව අභිබවා ඇෆ්ගනිස්තානය 6 වැනි ස්ථානයට පත්වෙයි“කාන්තා අයිතීන් ගැන දැනුම ලබන්න භාෂාව බාධාවක් නොවිය යුතුයි”: එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා සිංහලට සහ දෙමළට පෙරළෙයිසවස් කාලයේ ප්‍රදේශ රැසකට ධාරානිපාත වැසි සහ තාවකාලික තද සුළං: උදෑසන මීදුම ගැනත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්හැමෝටම PickMe, Uber Eats වලින් කන්න සල්ලි නෑ; ගෙදර උයන්න ගෑස් නෑ!”: ලාෆ්ස් ගෑස් අර්බුදය ගැන ආචාර්ය හර්ෂ ද සිල්වාශ්‍රී ලංකා රජයේ යෝජිත නව පනත් කෙටුම්පත් ඉල්ලා අස්කරගන්නැයි බලකරමින් ලන්ඩනයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවක්
ප්‍රවෘත්ති

පොල්ගොල්ල රෝහලට පුටු ගෙන රජයට රුපියල් ලක්ෂ 80ක පාඩුවක් කළ හිටපු අමාත්‍යාංශ ලේකම් අල්ලස් කොමිසමේ දැලේ

පොල්ගොල්ල රෝහලට පුටු ගෙන රජයට රුපියල් ලක්ෂ 80ක පාඩුවක් කළ හිටපු අමාත්‍යාංශ ලේකම් අල්ලස් කොමිසමේ දැලේ

පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රෝහල සඳහා පුටු මිලදී ගැනීමේදී රජයට රුපියල් ලක්ෂ 80කට ආසන්න මූල්‍ය පාඩුවක් සිදුකළ බවට එල්ල වූ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගාමිණී කිත්සිරි ඩයස් අමරවර්ධන මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් කොමිසම සඳහන් කරන්නේ, එහි විමර්ශන නිලධාරීන් විසින් ඊයේ (02) පෙරවරු 9.45ට පමණ මෙම හිටපු අමාත්‍යාංශ ලේකම්වරයාව අත්අඩංගුවට ගත් බවයි.

පොල්ගොල්ල රෝහලට අවශ්‍ය පුටු මිලදී ගැනීමේ ටෙන්ඩර් ක්‍රියාවලියේදී, නියමිත ප්‍රමිතීන්ට අනුකූලව අඩුම ලංසුව ඉදිරිපත් කර තිබූ සමාගම නොසලකා හරිමින්, බාහිර පාර්ශ්වයකට අයුතු සහගත වාසියක් සැලසෙන පරිදි වෙනත් පෞද්ගලික සමාගමකින් අදාළ පුටු තොගය මිලදී ගැනීමට කටයුතු සලසා දීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇත.

රජයට සිදුවූ ලක්ෂ 80ක පාඩුව

මෙම නීතිවිරෝධී ප්‍රසම්පාදන අක්‍රමිකතාව හේතුවෙන් රජයට රුපියල් 7,973,114.50ක (රුපියල් හැත්තෑනව ලක්ෂ හැත්තෑතුන් දහස් එකසිය දහහතරයි ශත පනහක) දැවැන්ත මූල්‍ය පාඩුවක් සිදුව ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පෙන්වා දෙයි.

ඒ අනුව, රාජ්‍ය නිලධාරියෙකු ලෙස රාජකාරිය ඉටුකිරීමේදී ‘දූෂණය’ (Corruption) නමැති වරද සිදුකළ බවට ඔහුට එරෙහිව චෝදනා ගොනුකර තිබේ.

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යාංශ ලේකම් ගාමිණී කිත්සිරි ඩයස් අමරවර්ධන මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *