පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අත්අඩංගුවට…

මහාචාර්ය අතුල සේනාරත්න මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අනුරාධ විදානගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මීට පෙර මහාචාර්ය සේනාරත්න මහතාට පහරදීම සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුගිය දෙසැම්බර් 11 වැනිදා ඔහුගේ නිල නිවස අසලදී සිසුන් පිරිසක් විසින් ඔහුට පහර දී ඇති අතර එහිදී තුවාල ලබා රෝහල් ගත කරනු ලැබුවා.

විදානගේ අද පස්වරුවේ මහනුවරදී අත්අඩංගුවට ගත් අතර හෙට අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය සඳහන් කළේය.

විතානගේ වහාම අත්අඩංගුවට ගන්නා ලෙස පේරාදෙණිය මහේස්ත්‍රාත් අධිකරණය දෙසැම්බර් 22 වැනිදා නියෝග කළේය.

මේ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වත්මන් ශිෂ්‍ය සංගමයේ සභාපති චමෝද් සත්සර සහ හිටපු ශිෂ්‍ය සංගමයේ සභාපති අනුරාධ විතානගේ යන මහත්වරුන්ගේ ශිෂ්‍යභාවය අඟහරුවාදා දිනයේදී තාවකාලිකව අවලංගු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *