Tuesday, November 3, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි
ප්‍රවෘත්ති

පාසල් ගොඩනැගිල්ලෙන් වැටී රාජකීය විද්‍යාලයේ සිසුවා බරපතල තුවාල ලබයි

පාසල් ගොඩනැගිල්ලෙන් වැටී රාජකීය විද්‍යාලයේ සිසුවා බරපතල තුවාල ලබයි

කොළඹ රාජකීය විද්‍යාලයේ 15 හැවිරිදි සිසුවෙකු ඊයේ පෙරවරුවේ පාසල් භූමියේ තෙමහල් ගොඩනැගිල්ලකින් වැටී බරපතල තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

පෙරවරු 7.15 ට පමණ මෙම සිද්ධිය සිදුව ඇති බව පොලිසිය පවසයි. හෝකන්දර ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවා ගොඩනැගිල්ලේ ඉහළ මහලේ වසා තිබූ පන්ති කාමරයකට ජනේලයකින් ඇතුළු වීමට උත්සාහ කර ඇති බව වාර්තා වේ.

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස S. තෝමස් විද්‍යාලය අතර වාර්ෂික මහා ක්‍රිකට් තරඟාවලියට අදාළව සංවිධානය කර තිබූ රථ පෙළපාලියකට එක්වීමට සිසුන් රැසක් පිටත්ව යාම හේතුවෙන් එම අවස්ථාවේ පන්ති කාමරය වසා දමා තිබූ බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

පාසල් බෑගය උරහිසේ තබාගෙන පන්ති කාමරයට නැගීමට උත්සාහ කළ සිසුවා එක්වරම ලිස්සා ගොස් බිම ඇදවැටී ඇති බව පොලිසිය සඳහන් කළේය. සිද්ධිය අතරතුර ඔහු සමඟ ඉහළ මහල අසල පිහිටි ගසක අත්තක් කඩා වැටී වැටී තිබූ බවද පොලිසිය සොයාගෙන ඇත.

තුවාල ලැබූ සිසුවා වහාම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර මේ වන විට එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *