ප්‍රාථමික අංශය සඳහා ලබන වසරේ සිට වාර විභාග නොමැති බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.

ප්‍රාථමික පාසල් සිසුන් සඳහා වාර විභාග නොපවත්වා පාඩමෙන් පාඩමට අභ්‍යාස සඳහා ලකුණු ලබාදීමේ ක්‍රමයක් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

වසර අවසානයේ පැවැත්වෙන විභාගයේ ලකුණුවලට මෙම ක්‍රමයේ ලබා දෙන ලකුණු එකතු කර ලකුණු දෙකකට බෙදා සිසුන් ඇගයීමට ලක් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

පාසල දරුවන් කැමති ස්ථානයක් බවට පත්කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.

අසම්පූර්ණ විෂය නිර්දේශ සියල්ල ලබන වසරේ දෙසැම්බර් මස අවසන් වන විට ආවරණය කිරීමට සැලසුම් කර ඇති බව පැවසූ විෂය භාර අමාත්‍යවරයා අධ්‍යයන විෂය මාලාව සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට කටයුතු කරන බව පැවසීය.

පාසල් හැර යන දරුවන්ට ඔවුන්ගේ කුසලතා මත විශ්වවිද්‍යාලවලට හෝ වෙනත් තාක්ෂණික පුහුණු ක්ෂේත්‍රවලට ඇතුළත් විය යුතු අධ්‍යාපන රටාවක් ලබන වසරේ සිට ආරම්භ කරන බව ඔහු අවධාරණය කළේය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (දෙසැ. 21) කොළඹ ආසන දෙව්මැදුර පිරිමි විද්‍යාලයේ පැවති නත්තල් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *