පසුගිය සතියේ ඩෙංගු රෝගීන් 1600 කට අධික සංඛ්‍යාවක් වාර්තා වෙයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ පසුගිය සතියේ පමණක් ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගීන් 1602ක් වාර්තා වී ඇති බවයි.

මේ වන විට රට පුරා ඩෙංගු වෛරසය ව්‍යාප්ත වීමේ සැලකිය යුතු වර්ධනයක් පවතින බව එම ඒකකය අනතුරු අඟවයි.

පසුගිය සතියේ හඳුනාගත් ඩෙංගු රෝගීන් අතරින් වැඩිම රෝගීන් සංඛ්‍යාව (390) ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 272ක් වාර්තා විය.

ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ යාපනය, කල්මුණේ සහ පුත්තලම දිස්ත්‍රික්කවල ද ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් පසුගිය සතියේ වාර්තා වූ බවයි.

මේ වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවෙන් ඩෙංගු රෝගීන් 68,928ක් වාර්තා වී ඇති අතර එය 2021 වසරේ හඳුනාගත් රෝගීන් 27,844 හා සැසඳීමේ දී සැලකිය යුතු වර්ධනයකි.

ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 41ක් ද ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *