නීතිවිරෝධී ලෙස ආනයනය කළ රුපියල් මිලියන 40ක් වටිනා යතුරුපැදි රාජසන්තක කරයි.

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කළ අධි ධාරිතාවයෙන් යුත් යතුරුපැදි 06ක් වැලිවේරිය හේනගම ප්‍රදේශයේ ගරාජයක තිබී සොයා ගෙන තිබෙනවා.

එම යතුරුපැදිවල වටිනාකම රුපියල් මිලියන 40කට අධික බවයි පොලිසිය පැවසුවේ.

ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වැලිවේරිය හේනගම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම යතුරුපැදි සොයාගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ භාවිතයට අනුමත නොකළ මෙම අධි ධාරිතාවයෙන් යුත් යතුරුපැදි කොටස් වශයෙන් ශ්‍රී ලංකාවට ගෙනැවිත් එකලස් කර විකිණීමට සූදානම් කර ඇති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඊයේ (දෙසැ 22) අධිකරණයට ඉදිරිපත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *