නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පීඩන අවපාතයක් හේතුවෙන් ශ්‍රී ලංකාවට කාලගුණ අනතුරු ඇඟවීමක්…

2022 දෙසැම්බර් 24 දින පෙ.ව. 05.30 ට නිකුත් කරන ලදී

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන අවපාතය ත්‍රිකුණාමලයට ඊසාන දෙසින් කිලෝමීටර් 370ක් දුරින් පිහිටා ඇත. එය ඉදිරි පැය 48 තුළ ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත. මෙම පද්ධතියේ බලපෑම යටතේ අද (දෙසැම්බර් 24, 25 සහ 26) සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වය වැඩි වීමට ඉඩ ඇත.

උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති වේ.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි බලාපොරොත්තු විය හැක.

අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

උතුරු, නැගෙනහිර, වයඹ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ තද සුළං බලාපොරොත්තු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස සාමාන්‍ය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *