නිදහස් සැමරුම වෙනුවෙන් රටම කළ යුතු දේ මෙන්න

එළැඹෙන පෙබරවාරි 04 වැනිදාට යෙදෙන මෙරට 72 වැනි නිදහස් සමරු උළෙල හේතුවෙන් පෙබරවාරි 01 වන දා සිට 07වැනිදා දක්වා ජාතික ධජය ඔසවා තබන ලෙස රජය ඉල්ලීමක් කරයි.

එසේම රජයේ දැනුම්දීමට අනුව පෙබරවාරි 03 සහ 04 දෙදින රජයේ සියලුම ආයතන විදුලි ආලෝකයෙන් සැරසීමටත් නියමිතය. මීට අතරව පෙබරවාරි 04 වන දින පෙ.ව. 08 30 ට දිවයිනම ආවරණය වන පරිදි පැළ සිටුවීමේ වැඩසටහනක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.

සියලුම රාජ්‍ය හා පෞද්ගික ආයතන, නිවෙස්, වෙළඳසල් හා වාහනවල ජාතික කොඩිය ඔසවා තබන මෙන් රජය සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරයි.

පැල සිටුවීමේ ව්‍යාපාරයේදී රජයේ ආයතන පරිශ්‍ර තුළ මී, කොහොඹ, කුඹුක් , මෙන්ම ඒ ඒ ප්‍රදේශයන්ට ගැලපෙන පැළ වර්ග ද, මද ඉඩ පහසුකම් සහිත පරිශ්‍රයන් තුළ පලතුරු හෝ ඖෂධ පැළ සිටුවීමටත්, නාගරික ප්‍රදේශවල මල් පෝච්චි තුළ සුදුසු ඖෂධ හෝ පලතුරු පැළ සිටුවීමට අවශ්‍ය කටයුතු කරන ලෙසත් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය චක්‍රලේඛයක් මගින් රජයේ සියලුම ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *