නැගෙනහිර පළාතේ පුරාවිද්‍යාත්මක උරුමයන් කළමනාකරණයට ජනාධිපති කාර්ය සාධක බලකායක්

නැගෙනහිර පළාත තුළ ඇති පුරාවිද්‍යාත්මක උරුමයන් කළමනාකරණය සඳහාද ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිත කර තිබේ. මෙම කාර්ය සාධක බළකායේ සභාපති ලෙස පත්කර ඇත්තේ ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්නයි.

ඒ අනුව නැගෙනහිර පළාත තුළ පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන හඳුනා ගැනීම එම බලකායේ ප‍්‍රධාන කාර්යය වන අතර එසේ හඳුනා ගත් ස්ථාන හා පුරාවස්තු සංරක්ෂණය කරමින් ඒවා කළමණාකරණය සඳහා සුදුසු වැඩපිළිවලක් හඳුනා ගැනීම මෙන්ම ක‍්‍රියාත්මක කිරිම ද මේ යටතේ එම බළකායට පැවරී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *