නව ඉන්ෆ්ලුවෙන්සා වෛරසය පිළිබඳව මහජනතාවට අනතුරු අඟවයි.

ශ්‍රී ලංකාව තුළ වෛරසයක් ව්‍යාප්ත වීම දිනෙන් දින ඉහළ යන බවට සෞඛ්‍ය බලධාරීන් මහජනතාවට අනතුරු අඟවා තිබේ.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ ඉන්ෆ්ලුවෙන්සා රෝගයට සමාන රෝග ලක්ෂණ මෙම වෛරසයට පවතින බවයි.

මෙම වෛරසය සෙම, කැස්ස, උණ වැනි රෝග ලක්ෂණ වලින් සමන්විත බව ප්‍රකාශ කළ ඔහු එය බෝවන රෝගයක් බවත් එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වේගයෙන් පැතිර යන බවත් අනතුරු ඇඟවීය.

කෙසේ වෙතත් එය කොවිඩ් 19 වෛරසය තරම් භයානක නොවන බව වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැහැදිලි කළේය.

ඉන්ෆ්ලුවෙන්සා වයිරසයේ රෝග ලක්ෂණ දරුණු නම් වහාම වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගන්නා ලෙස ඔහු ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *