නව අගමැති, ජනපති ඉදිරියේ අද දිවුරුම් දෙයි

මෙරට දහහතර වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස ශ්‍රී ලංකාපොදු ජනපෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා කැලණිය රජමහා විහාරස්ථානයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (09) උදෑසන දිවුරුම් දීමට නියමිතය. එම උත්සවය අද උදෑසන 08.30ට ආරම්භ වීමට නියමිතව තිබේ.

පසුගිය 05 වැනිදා පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ ඡන්ද විමසීමෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත් වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආණ්ඩු බලය හිමිකර ගැනීමට සමත් විය. එහිදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරග කළ මහින්ද රාජපක්‍ෂ මහතාට 527,364ක මනාප ඡන්ද සංඛ්‍යාවක් හිමි විය. ඒ පාර්ලිමේන්තු මැතිවරණයක අපේක්‍ෂකයෙක් ලබාගත් වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *