ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර සඳහා ගැටුම් උත්සන්න වේ

ජාතික ලැයිස්තු මන්ත්‍රිදුර පත්කිරීම් මුල්කරගනිමින් සමගි ජන බලවේගයේ සහ අපේ ජනබල පක්‍ෂය තුළ අභ්‍යන්තර මතගැටුම් නිර්මාණය වී ඇති බවට තොරතුරු වාර්තා වේ.

මෙම ගැටුම් ඇති වී තිබෙන්නේ සමඟි ජනබලවේගයේ සුළු පක්‍ෂ තමන්ට පොරොන්දු වූ පරිදි ජාතික ලැයිස්තු මන්ත්‍රිධූර ලබාදෙන ලෙස බලපෑම් එල්ලවීමත් සමගයි. මේ අතර රිෂාඩ් බදියුදීන් හා මනෝ ගනේෂන් සම්බන්ධ දේශපාලන පක්ෂ වලට පොරොන්දු වූ පරිදි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ලබාදිමට නොහැකි බව සමගි ජන බලවේගයේ මහලේකම් වරයා ඔවුන්ට දන්වා ඇති බවටත් වාර්තා වේ. වැඩි දුරටත් වාර්තා වන්නේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන රවුෆ් හකීම් මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රිධූරය සම්බන්ධව ගැටළුවක් ඇතිකරගෙන නොමැති බවටයි.

සමඟි ජනබලවේගයට ලැබී ඇත්තේ ජාතික ලැයිස්තු මන්ත්‍රිධූර 07ක් පමණක් වන අතර එයද සුළු පක්‍ෂ වෙත බෙදාදුන්නොත් අත්‍යවශ්‍ය නියෝජිතයින් පාර්ලිමේන්තුවට ගැනීම සම්බන්ධව සමඟි ජනබලවේගයේ නායකයා බරපතල අර්බුදයකට මුහුණ පා සිටින අතර, එය නිරාකරණය කර ගැනීමට ඊයේ (08) දිනයේද සාකච්ඡා සිදුකර තිබුණත් ඒවාද ඵල රහිත වී තිබේ.

මීට අමතරව අපේ ජනබල පක්‍ෂයටද එක් ජාතික ලැයිස්තු මන්ත්‍රිධූරයක් හිමිවි ඇති අතර, ඒ සදහා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පත්කරන බව කලින් ප්‍රකාශ කළද මේ වන විට පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද එම මන්ත්‍රිධූරය ඉල්ලා සිටින වාතාවරණයක් ඇති වී බවටද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *