වැල්ලම්පිටිය

දින 66 කින් පසු හෙට අළුයම 4 සිට දිවයිනටම ඇදිරිනීතිය ලිහිල් කෙරේ

කොවිඩ්-19 වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පනවා දින 66ක් ගතවීමෙන් පසු පළමුවරට හෙට (26) අලුයම 4.00 ට මුළු දිවයිනටම ඇඳිරි නීතිය ලිහිල් කිරීමට නියමිතව තිබේ.

පසුගිය මාර්තු 20 වනදා සිට සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය වරින්වර ලිහිල් කෙරුණද කොවිඩ් ව්‍යාප්තියත් සමග අවදානම් තත්වයක පැවති කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇදිරිනීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වුණි. එම අවදානම් තත්වය ක්‍රමයෙන් පහව යාමත් සමගම හා බාහිර සමාජයෙන් රෝගීන් වාර්තා වීම යන කරුණු සැලකිල්ලට ගෙන මුළු දිවයිනටම මේ වනවිට බලපැවැත්වෙන ඇඳිරි නීතිය හෙට අලුයම 4.00 ට ලිහිල් කිරීමට නියමිතයි. ඒ අනුව හෙට සිට සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රි 10 සිට අලුයම 4 දක්වා පමණි.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටින්නේ ඇඳිරි නීතිය ලිහිල් කළද කර්මාන්තශාලා, ආයතන, කාර්යාල සහ වෙළෙඳසැල් පවත්වාගෙන යාමේදීත්, මගී ප්‍රවාහනයේදීත් කොරෝනා වෛරසය පාලනය සඳහා සෞඛ්‍ය බලධාරීන් විසින් නියම කර ඇති විෂබීජහරණය, මුඛ ආවරණ පැලඳීම, විටින් විට අත් සේදීම සහ සමාජ දුරස්ථතාව වැනි පිළිවෙත් මුළුමනින්ම අනුගමනය කළ යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *