තැපැල් ඡන්දය ජූලි 14 සිට 17 දක්වා පැවැත්වීමට පියවර

පාර්ලිමේන්තු මහා මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය ජූලි මස 14, 15, 16 සහ 17 යන දිනයන්හි දී පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල, පොලිසිය, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අංශවල තැපැල් ඡන්දය සලකුණු කිරීම ජූලි මස 16 වැනිදා සහ 17 වැනිදා දහවල් 12.00 දක්වා සිදු කිරීමට නියමිත අතර අනෙකුත් රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද සලකුණු කිරීම ජූලි මස 14 වැනිදා සහ 15 වැනිදා සිදු කෙරෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.

ඉහත දිනවලදී තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි තැපැල් ඡන්ද හිමියන්ට ජූලි මස 20 සහ 21 වැනිදා සිය සේවා ස්ථානය පිහිටා තිබෙන දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව සලසා ඇතැයි ද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

තැපැල් ඡන්දදායකයින්ගේ ලැයිස්තු සහතික කිරීම හෙට (18දා) සිදු කෙරෙන බවත්, තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම සහ තැපෑලට භාරදීම මෙම මස 30 වැනිදා, ජූලි මස 01 සහ 02 යන දිනවලදී සිදු කරන බවත් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *