සත්වෝද්‍යාන හා ජාතික උද්‍යාන හෙට සිට විවෘතයි

හෙට (15) සිට සියලු සත්වෝද්‍යාන සහ ජාතික උද්‍යාන යළි විවෘත කිරීමට පියවර ගෙන තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස්වලට අනුව එම කටයුතු සිදු කෙරෙන බව පරිසර හා වනජීවි අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා සඳහන් කළේය.

කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය මාර්තු 14 සිට මාස 03 ක කාලයක් සත්වෝද්‍යාන මහජනයාට වසා තැබුණු අතර එම කාළය තුළ අභ්‍යන්තර නඩත්තු කටයුතු පමණක් සිදුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *