ඩයනා ගමගේට පනවා තිබූ විදෙස් ගමන් තහනම දීර්ඝ කරයි.

සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට පනවා තිබූ විදෙස් ගමන් තහනම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විදේශ ගමන් තහනම 2022 දෙසැම්බර් 15 දක්වා දීර්ඝ කර ඇත.

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේගේ විදේශ ගමන් බලපත්‍රය, උප්පැන්න සහතිකය සහ ජාතික හැඳුනුම්පත සම්බන්ධයෙන් ඔක්තෝම්බර් මාසයේදී ගොනු කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් අධිකරණය නොවැම්බර් 11 වැනිදා ඇයට විදෙස් ගමන් තහනමක් පනවා තිබුණි.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කළ අතර, දැනට පවතින පරීක්ෂණ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කළා.

නඩුව අද සළකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට පනවා තිබූ විදෙස් ගමන් තහනම තවදුරටත් දීර්ඝ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *