ජීව උණ්ඩ ළඟ තබාගත් ඇමරිකානු ගුවන් මගියෙකු අත්අඩංගුවට…

ඉන්දියාව බලා යාමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ඇමරිකානු ගුවන් මගියෙකු ඊයේ (දෙසැ 28) රාත්‍රියේ ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු සන්තකයේ තිබී මිලිමීටර් 9 පතොරම් 10ක් සහ මැගසිනයක් බලධාරීන් විසින් සොයා ගැනීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

සැකකාර ඇමරිකානු ජාතික ගුවන් මගියා ඊයේ රාත්‍රී 8.25 ට කාන්තාවක් සමඟ චෙන්නායි බලා පිටත්ව යමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

ගුවන් තොටුපළේ පිටත්වීමේ පර්යන්තයේ පරීක්‍ෂණ යන්ත්‍රය හරහා යමින් සිටියදී ඔහු සන්තකයේ ජීව උණ්ඩ තිබූ බව අනාවරණය විය.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ගුවන් තොටුපළ පොලිස් ස්ථානය වෙත භාරදී ඇති අතර ඔහු සමඟ පැමිණි කාන්තාවට රටින් පිටවීමට ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *