ශ්‍රී ලාංකිකයින් 447 දෙනෙකු ඩුබායි සහ කටාර් සිට මෙරටට

කොවිඩ් වසංගත තත්වය මත මෙරටට පැමිණීමට නොහැකිව මැදපෙරදිග රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 447 දෙනෙකු අද (09) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 420 දෙනෙකු ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති අතර, කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි ගුවන් යානයෙන් ගුවන් මගීන් 43 දෙනෙකු පැමිණ තිබේ. ඉන් 27 දෙනෙකු ශ්‍රී ලාංකික ගුවන් මගීන් වන අතර ඉතිරි 16 දෙනා තානාපති නිලධාරීන් වේ.

ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් අනතුරුව ඔවුන් සියලු දෙනා පී.සී.ආර්. පරීක්ෂණ සදහා යොමු කර තිබෙන අතර නීරෝධායන කටයුතු සදහාද යොමු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *