ranil-Mannarama

ජනාධිපතිවරයා මන්නාරමේ නිරීක්ෂණ චාරිකාවක යොමුවෙයි.

උතුරු පළාතේ නිරීක්ෂණ චාරිකාවක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (20) මන්නාරම දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත විය.

මන්නාරම ප්‍රදේශයේ ජනතාව මුහුණ දී සිටින ගැටලු පිළිබඳව සොයා බලා එම ගැටලුවලට විසඳුම් ලබාදීමට ගතහැකි විසඳුම් සාකච්ඡා කිරීම ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ අරමුණ විය.

මන්නාරම නගරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මන්නාරම ලන්දේසි බලකොටුවේ සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්ෂණය කළේය.

නඩුකුඩා ධීවර ගම්මානයට ද ගිය ජනාධිපතිතුමා ධීවර ජනතාව සමඟ සුහද පිළිසඳරක නිරත වූ අතර ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව ද සොයා බැලීය.

නඩුුඩා කුඩා ධීවර ගම්මානයේ පදිංචිකරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳව රාජ්‍ය නායකයා දැනුවත් කළ අතර ඒ සඳහා අවශ්‍ය විසඳුම් ලබාදීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවට ඔහු සහතික විය.

මන්නාරම සුළං බලාගාරය ඉදිකෙරෙන ප්‍රදේශය ද නිරික්ෂණය කළ ජනාධිපතිතුමා සුළං බලාගාරයේ ඉදිරි කටයුතු පිළිබඳව සොයා බැලීය. එම සංචාරයේදී ප්‍රදේශයේ ජනතාව සමඟ සුහදව කටයුතු කිරීමටත් ඔවුන්ගේ සුවදුක් විමසීමටත් ඔහු අතපසු කළේ නැත.

ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර, උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා, නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද ජනාධිපතිතුමා සමඟ එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *